Saturday, April 20, 2024

General line - 0115112241

තරග 09 යි අර්ධ ශතක 05 යි – කුසල්ගේ පිත්තේ වැඩ




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (24) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ 5 වැනි අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 48 කදීයි. ඊට හතරේ පහර 7  ඇතුළත් වුණා.

කුසල් සමග පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් මේ වන විට ලකුණු 45 ක් ලබා සිටිනවා.

 


වෙනස්කම් දෙකක් සමගින් ලංකාව පිත්ත අතට ගනී

(Aug 24, 2016 @ 14:15)

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ වෙනස්කම් දෙකක් සමගින්.

මිලින්ද සිරිවර්ධන සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට සීකුගේ ප්‍රසන්න සහ ධනුෂ්ක ගුණතිලක අද තරගයට කැඳවා තිබෙනවා.