Thursday, September 19, 2024

General line - 0115112241

ආරාධනා පත්‍රයෙන් ක්ලබ් වසන්තට ආ මාරයා  




අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනය විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තට  ලැබුණු ආරාධනා පත්‍රය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු  වෙනවා.

ව්‍යාපාරික ආයතනය විවෘත කිරීම සඳහා  සුරේන්ද්‍ර වසන්ත පෙරේරාට ලැබුණු ආරාධනා පත්‍රයට අද උදෑසන අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ එම ව්‍යාපාරික ආයතනය වෙත බිරිඳ සමග පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ගිණි අවි රැගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ව්‍යාපාරික ආයතනය වෙත පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වෙඩික්කරුවන්ගේ ප්‍රහාර හමුවේ තුවාල ලැබූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා එම ස්ථානයේදීම මිය ගිය අතර එම ආරාධනා පත්‍ර ලැබූ අනෙක් පුද්ගලයන් තුවලා ලබා තිබුනා. 

බිරිඳද එම වෙඩි පහරට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

එම තුවාල ලැබූ පුද්ගලයන්  හෝමාගම මූලික රෝහලට ඇතුලත් කල අතර එහිදී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගායන ශිල්පිනී කේ සුජීවා ද මෙම ව්‍යාපාරික ආයතනය විවෘත කිරීම සඳහාද පැමිණ තිබු අතර ඇයද තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා. 

තුවාල ලැබූ තවත් කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම ආරාධනා පත්‍ර දුලාන් සංජු සිල්වාගේ ෆේස් බුක් ගිමුමේ පල කර තිබෙනවා.

එම ආරාධනා පත්‍ර පහතින්