Friday, October 18, 2024

General line - 0115112241

“රන් දොර” උරුමය සින්නක්කර නිවාස ඔප්පු ප්‍රදානය කෙරේ




“රන්දොර” උරුමය සින්නක්කර නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද පැවැත්වුණා.

මෙම වැඩසටහන යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබා දීම සිදු වනවා.

2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහනට අදාළවයි අද මෙලෙස “රන්දොර” උරුමය සින්නක්කර නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණේ.