Thursday, October 31, 2024

General line - 0115112241

අධ්‍යාපන ක්‍රමයේ නව වෙනසක් ඇතිවිය යුතු බව විපක්ෂ නායක කියයි




පවතින දේශපාලන, ආර්ථික ගැටලු සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ලෝකයේ වෙනස් වන තාක්ෂණ ක්‍රමවේදයන්ට සමගාමීව මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවයි.


ඉදිරියේදී බලයට පත්වන කුමන රජයක් වුවද ආර්ථිකය දියුණු කරන නව ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවයි අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ.


විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් සිදු නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බව කළුතර ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවා. 


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමේ ගැටලුව නිසා පක්ෂය තුළ ද ගැටලුකාරී තත්ත්වයන් මතු වී ඇති බවයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.