Friday, October 18, 2024

General line - 0115112241

මෝදි ට්විටර් අල්ලයි




සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික වන එලොන් මස්ක්, කලින් ට්විටර් ලෙස හැඳින්වූ X වේදිකාවේ වැඩිම පිරිසක් අනුගමනය කරන ලෝක නායකයා බවට පත්වීම ගැන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සුබ පැතුම් එක් කර තිබෙනවා.

X පණිවිඩයක් නිකුත් කරමින් මස්ක් පවසා ඇත්තේ "බොහෝම දෙනෙක් අනුගමනය කරන ලෝක නායකයා වීම ගැන අගමැති @NarendraModi වෙත සුබ පැතුම්!" යනුවෙනි.

පසුගිය සතියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ X හි අනුගාමිකයින් මිලියන 100 දක්වා ළඟා වූණා.

හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට පසුව වැඩිම පිරිසක් අනුගමනය කරන දෙවන ලෝක දේශපාලනඥයා ඔහු බවට පත්ව තිබෙනවා.

ඔබාමාට X හි අනුගාමිකයින් මිලියන 131 කට වඩා සිටී. 

2024 මැතිවරණය සඳහා රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා සහ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුන්වන ස්ථානයේ සිටින අතර X හි ඔහුට සිටින අනුගාමිකයන් මිලියන 87 කට වඩා වැඩිය.

මිලියන 38 කට අධික අනුගාමිකයින් සමඟ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිව්වන ස්ථානයේ සිටින අතර ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ අමෙරිකාවේ හිලරි ක්ලින්ටන් සිටින්නේ ඉන් අනතුරුවයි.