Friday, October 18, 2024

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමේ මෙහෙයුම් යටතේ තවත් සැකකරුවන් 732ක් අත්අඩංගුවට




විෂ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනය තුළ වැටලීම් 730ක් සිදුකල බව පොලිසිය පවසනවා.

එම වැටලීම්වලදී සැකකරුවන් 719ක් සහ සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 17 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර තවත් සැකකරුවන් 06 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත බව ද පොලිසිය පැවසුවා.