Friday, October 18, 2024

General line - 0115112241

ඔලිම්පික් වෙනුවෙන් ප්‍රංශයට දැඩි ආරක්ෂාවක් - හමුදාවෙන් 75,000ක්




ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දැඩි ආරක්ෂක රැකවල් යෙදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලීසිය, හමුදාව ඇතුළු ආරක්ෂාවට යොදා ඇති සංඛ්‍යාව 75,000ක්.

මාර්ග සහ මෙට්‍රෝ දුම්රිය ස්ථාන වසා දමා ඇති අතර යොදා ඇති මාර්ග බාධක සංඛ්‍යාව 44,000කට අධිකයි.

ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණ ආශ්‍රිත ප්‍රදේශය වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

මෙය ප්‍රංශයේ පෙර නොවූ විරූ ආරක්ෂක මෙහෙයුමක් බවටද විදෙස් මාධ්‍ය පවසන්නේ. 

කෙසේවෙතත් ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් පැරිස් නුවරට පැමිණි සංචාරකයින් අපහසුතාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් ලබන සිකුරාදා පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් අනතුරුව බොහෝ ආරක්ෂක විධි විධාන ලිහිල් කරන බව ප්‍රංශ බලධාරීන් පවසා තිබෙනවා.