Friday, October 18, 2024

General line - 0115112241

කොවිඩ් ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව අදත් පාර්ලිමේන්තුවේ විවාද




කොවිඩ් වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය හිමි වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්.


පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්ද මෙහිදී අදහස් පළ කළා. 


සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 


කොවිඩ් වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව රජය සමාව අයැදීමට අමාත්‍ය මණ්ඩලය අනුැතිය ලබා දී ඇත්තේ ඒකාබද්ධ යෝජනාවකට අනුවයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබුවා.

ඒ අනුව, කොවිඩ් වෛරසයට ගොදුරු වී මිය ගිය මුස්ලිම් ජාතික පුද්ගලයින් 276 දෙනෙකුගේ මෘතදේහ ආදාහනය කෙරුණා.

පසුව 2021 පෙබරවාරි මාසයේදී මිය ගිය මුස්ලිම් ජාතික පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් සහිතව භූමදානය කිරීමටයි අවසර ලබා දුන්නේ. 

කෙසේවෙතත් පසුව කොළඹ, මහනුවර ජලජ පරිසරවල කොවිඩ් වෛරසය හඳුනා ගනු ලැබීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කළා.

ඒ, ගංගා ජලය, රෝහල්වලින්, නිරෝධායන මධ්‍යස්ථානවලින් හා වෙනත් විභව ක්ෂේත්‍රයන්ගෙන් බැහැර කරනු ලබන අපජලය ද පරික්ෂාවට ලක් කරමින්.

එහිදී අනාවරණ වුණේ මතුපිට ජලයෙහි කිසිදු වෛරසයක් නොමැති බවටයි.

මීට අමතරව 2024 මාර්තු මාසයේදී කළ තවත් අධ්‍යයනයකදී අනාවරණ වී ඇත්තේ කොවිඩ් වෛරසය භූගත ජලය ඇතුළු ජල මූලාශ්‍ර වෙත සම්ප්‍රේෂණය වීමේ මූලික ප්‍රභවය, මළ හා මුත්‍රා මඟින් මිස ආරක්ෂිත භූමදානයන් මඟින් නොවන බවටයි.