Friday, October 18, 2024

General line - 0115112241

දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීම ගැන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙන් නිවේදනයක්




අද මධ්‍යම රාත්‍රිය පසුවී හෙට අළුයම 12යි 50ට මෙරට අහසේ දැක ගැනීමට හැකියාවක් ලැබෙන සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී යාමේ C පියවි ඇසින් නැරඹිය හැකි බව නවීන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

ඔහු කියා සිටියේ මෙම දුර්ලභ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට ද දැකගත හැකි බවයි. 


සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී යාම වඩාත් හොදින් නිරීක්ෂණය කිරීමට නම් දුරේක්ෂයක් හෝ දුරදක්නයක් භාවිත කරන ලෙසයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.