Monday, September 23, 2024

General line - 0115112241

මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුණොත්  කරන දේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි 




ලබන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේදී යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා සිටියේ  එරට ප්‍රවෘත්ති වැඩසටහනක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී.

සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ නොවැ. 5 ඡන්දය ප්‍රකාශ කරන දිනයේ ඡන්ද පෙට්ටියේදී “සාර්ථක” වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

78 හැවිරිදි ට්‍රම්ප්, පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඇති අතර පසුගිය වසර අට තුළ පක්ෂය විශාල ලෙස ප්‍රතිසංස්කරණ වලට ලක් කිරීමට ද කටයුතු කර තිබුණා 

ඇමරිකා නීතිය අනුව ජනාධිපතිවරයෙක් වාර දෙකකට වඩා සේවය කිරීම තහනම් කර තිබෙන අතර එබැවින් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් 2028 වසරේදී තරග කිරීමට නොහැකි වනවා.

වත්මන් ජනාධිපති ජෝ බයිඩෙන් තරඟයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වයට පත් කල අතර ඒ සමඟ ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුන් වන ආකාරයක් දක්නට ලැබුණු බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

ට්‍රම්ප් 2020 දී බිඩෙන්ට පරාජය වූ නමුත් ඔහු පරාජය වූ බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර, මැතිවරණය “සොරකම් කරන ලද” යැයි පවසමින් සහ කුමන්ත්‍රණ න්‍යායන් අවුලුවාලීමෙන් ආධාරකරුවන් කෝපයට පත් කර තිබුනා 

2021 ජනවාරි 6 වන දින, මැතිවරණ ප්‍රතිඵලය සහතික කිරීම නැවැත්වීමට ඔහුගේ චෝදනාවලින් පෙලඹී, දැඩි ට්‍රම්ප් ආධාරකරුවන් එක්සත් ජනපද කැපිටල් වෙත කඩා වැදුනා.

ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩොලර් මිලියන 130ක් වෙන්කර ඇති අතර කමලා හැරිස් ඇයගේ ව්‍යාපාරය සඳහා අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 190ක් වෙන්කර තිබුණා.