Monday, September 23, 2024

General line - 0115112241

පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ලක්ෂ්මන් නිපුණ ආරච්චිව පත් කෙරේ




අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට තේරී පත්වීම හේතුවෙන්  පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්.

අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පුරප්පාඩු වූ බවට පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණා.

ඒ අනුව ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ නම පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කළා.