Tuesday, September 24, 2024

General line - 0115112241

සිංගප්පූරුවේ හිටපු ඇමතිවරයෙකු ත්‍යාග ලැබීමේ චෝදනාවට වරදකරු වෙයි




සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය සුබ්‍රමනියන් ඊශ්වරන්ට එරෙහිව එල්ලවී තිබූ චෝදනාවලට ඔහු වැරදිකරු බව එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඔහුට චෝදනා එල්ලවී තිබුණේ සිය ධූුරයේ සිටියදී ත්‍යාග ලබා ගැනීම සම්බන්ධවයි.

හිටපු අමාත්‍යවරයා අධිකරණය ඉදිරියේ  සිය  වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

අමාත්‍ය සුබ්‍රමනියන් ඊශ්වරන්ට දූෂණ චෝදනා සම්බන්ධයෙන්ද නඩු පවරා තිබු අතර අදාළ නඩු විභාගය අද ආරම්භ වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවැසුවේ.

කෙසේ වෙතත් එම නඩු විභාගය ආරම්භ කිරීමට පෙර නඩු පවරන්නන් විසින් චෝදනා සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන්ට එරෙහි දූෂණ නඩු පැවරීම සිංගප්පුරුව තුළ ඉතා විරළව බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සිංගප්පුරු නීතිය අනුව දූෂණ චෝදනා වරදකට සිංගප්පුරු ඩොලර් ලක්ෂයක් දක්වා දඩයක් හෝ වසර 7ක් දක්වා සිරදඩුවම් නියම කිරීමට හැකියාවක් පවතිනවා.

කෙසේ වෙතත් ත්‍යාග ලබා ගැනීමේ චෝදනාවට දඩයකට හෝ වසර දෙකක සිරදඩුවමකට යටත්වීමට 62 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්ට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.