Sunday, October 6, 2024

General line - 0115112241

හිස්බුල්ලා නායකයාව ඝාතනය කරන්න කිලෝ 900ක් බර බංකර් නාශක බෝම්බ 85ක් දමලා




මහල් 7කින් සමන්විත ගොඩනැඟිල්ලේ භූගත කුටියක සැඟවී සිටි බව කියන හිස්බුල්ලා නායක නසරල්ලා ඝාතනය කිරීමට  බංකර් නාශක බෝම්බ 85ක් දමා තිබෙනවා  

ඊශ්‍රායල හමුදාවේ 69 වැනි බළකායට අයත් එෆ් – 151 ප්‍රහාරක ජෙට් යානා මගින් කිලෝ 900ක බරින් යුතු බංකර් නාශක බෝම්බ 85ක් හෙළා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම බංකර්-බස්ටර් බෝම්බ නිර්මාණය කර ඇත්තේ ප්‍රබල කම්පන තරංග ජනනය කරමින් පොළොව ගැඹුරට විනිවිද යාමට වන අතර මෙම ප්‍රහාරයෙන්  හිස්බුල්ලා සංවිධාන මූලස්ථානය මුළුමනින්ම කුහරයක් බවට පත් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ගොඩබිම විනිවිද යාමේ බෝම්බ ලෙස හඳුන්වන මෙම බෝම්බ රාත්තල් 2000ත් 4000ත් අතර බරකින් යුක්ත වන ආතර මෙම බෝම්බවලට පෘථිවියේ මීටර් 30ක් හෝ ශක්තිමත් කරන ලද කොන්ක්‍රීට් මීටර් හයක් දක්වා විනිවිද යාමට හැකියාව පවතිනවා .

පොළව යට ගැඹුරින් පවතින  ඉලක්ක වෙත විනිවිද යාමට නිර්මාණය කර ඇති මෙය එහි ඉලක්කයට විනිවිද යන තෙක් එහි පිපිරීම ප්‍රමාද කරන ෆියුස් එකකින් සමන්විත වනවා 

බංකර් අවට ව්‍යුහයන් කඩා වැටීමට තරම් බලවත් කම්පන තරංග ජනනය කරන අතර මෙමගින් මහා පරිමාණයෙන් ජීවිත හානි සිදුවීමේ හැකියාව හේතුවෙන්, ජනාකීර්ණ ප්‍රදේශවල එවැනි බෝම්බ භාවිතය ජිනීවා සම්මුතිය යටතේ තහනම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිවිල් වැසියන් පදිංචි වී සිටි නේවාසික ගොඩනැඟිලි රැසකට මැදි කරමින් ඉදි කර තිබූ බව කියන හෙස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයට පමණක් නොව ඒ අවට ගොඩනැඟිලිවලට ද හානි සිදුවීමෙන් පුද්ගලයන් 91 දෙනකු තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ