Tuesday, October 1, 2024

General line - 0115112241

ජනපති කාර්යාලයට ඉදිරිපිටට රැගෙනවිත් තිබූ රථ වාහන යළි ආයතන වෙත භාරදෙයි




පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන යළි එම ආයතනවලට භාරදීම අද සිදු කෙරුණා.

ඒ, ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේදීයි.

ඒ අනුව අද දිනයේ වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු බවත් ඉන් වාහන 15ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් රැගෙන ගිය බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහනය බැගින් සම්පූර්ණ වාහන 15ක් අද දින මෙලෙස ආදළ ආයතනවලට නැවත ලබාදීම සිදු වුණා.