Wednesday, October 23, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගෙන් චීනෙට එරෙහිව පොරොන්දුවක්




තමන් මෙවර ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් චීනයේ තායිවාන ආක්‍රමණයට එරෙහිව දැඩි පියවර ගන්නා බව අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

Wall Street Journal සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ චීනය තායිවානයට ඇතුළු වුවහොත් චීනයට අමතර තීරුබදු පනවන බවයි.

ඒ අනුව චීනයට 150% සිට 200% දක්වා තීරු බදු අය කරන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

චීනය විසින් තායිවානය අවහිර කිරීමට එරෙහිව හමුදා බලය යොදවන්නේ දැයි සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා එහිදී  ට්‍රම්ප්ගෙන් විමසා තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් තමාට ගරු කරන බැවින් එසේ නොකරන බවයි