Wednesday, October 23, 2024

General line - 0115112241

පෞද්ගලික ගිනි අවි භාර දීමේ තීරණයට එරෙහි පෙත්සම ලබන 30වනදා කැඳවයි

උදය කුමාර




ආරක්ෂක අමාත්‍යාශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ඒ, මෙම පෙත්සම අද දිනයේ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ මෙම නියමයට එරෙහිව සිය සේවාදායකයා ඉදිරිපත් කර තිබෙන අභියාචනයේ තීන්දුවක් ලැබෙන තුරු තම සේවාදායකයා සන්තකයේ පවතින ගිනි අවිය ඒ ආකාරයෙන්ම තබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.