Thursday, October 31, 2024

General line - 0115112241

නව චින්තන පෙරළියකට සැරසෙන්න - ජනපති ජනතාවට කියයි




ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම දීපවාලි දිනයේදී හින්දු බැතිමතුන් සිදු කරන ප්‍රධාන කාර්යයි.

ඒ අනුව පහන් දල්වා විශ්ණු දෙවියන්ට වන්දනා කිරීම දීපවාලී උත්සවය යෙදී ඇති අද දිනයේදි සිදු කිරීම හින්දු සම්ප්‍රදායේ ප්‍රධාන චාරිත්‍රයක් වනවා.

දීපවාලි සැමරීමෙන් අපේක්‍ෂා කෙරෙන්නේ කුමක්ද? මේ, ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ආචාර්ය ශිවශ්‍රී රාමචන්ද්‍රන් කුරුක්කල් බාබු ශර්මාතුමන්.

දීපාවලි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ නිදහසින් පසු දශක ගණනාවක් පුරා අඳුරේ අත පත ගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටින බවයි. 

අවිද්‍යාවේ ගනඳුර පළවා හරින්නට හැකි වන්නේ විද්‍යාවේ ආලෝකයට පමණයි. 

ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු යැයි ජනාධිපතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.