පකිස්තානයේ ඛණිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යෑම මෙන්ම පරිප්පු, ගිතෙල්, තෙල්, සුදු ඇට, එළවලු සහ පලතුරු ඇතුළු සියලුම සිල්ලර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම තුළින් රටේ පවතින දරුණු ආර්ථික තත්ත්වය පිළිබිඹු වන බව එරට ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
මෙම වසරේ මිල ඉහළ යාම නිසා වියළි පලතුරු ජනතාවට දැරිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත.
පකිස්තානයේ සෑම වයස් කාණ්ඩයකම ජනතාව අතර ජනප්‍රිය වියළි පලතුරුවලින් එකක් වන රටකජු, ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන කිලෝග්‍රෑමයක් රුපියල් 800 දක්වා ඉහළ ගොස් තිබේ.
වියළි පලතුරු මිල ඉහළ යාමට නව බදු, රේගු බදු සහ ප්‍රවාහන ගාස්තු සාමූහිකව බලපා ඇත.
ආර්ථික අර්බුදයට පෙර රජයේ කාර්යාලවල, කඩසාප්පුවල, වීදිවල සහ අවට ප්‍රදේශවල මිනිසුන් රටකජු, හකුරු වැනි ආහාර අනුභව කිරීමක් පුරුද්දක් ලෙස පැවති බව ඔවුන් පවසයි.
එහෙත් බොහෝ පවුල් දැන් හිරු බැස යෑමෙන් පසු රාත්‍රිය වන තුරු සුප් පමණක් ආහාරයට ගැනීමට පුරුදු වී සිටින බව පැවසේ.
ඊට අමතරව කඩල වර්ග, ධාන්‍ය, ගිතෙල්, යෝගට්, මස් වර්ග සහ බිත්තර වැනි එදිනෙදා ආහාරයට ගන්නා අත්‍යවශ්‍ය ආහාර වර්ගවල මිල අඛණ්ඩව ඉහළ යමින් ඇති බව ද වාර්තා වේ.