ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරමින් සහ කැලණි රජමහා විහාරයේ සිට ශ්‍රී පාදස්ථානය වෙත උතුම් කේශ ධාතූන් හා සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් සධාතුක කරඬුවහන්සේ වැඩම කිරීමේ පෙරහැර මෙවර අති උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතයි
මෙම පෙරහැර දෙසැම්බර් මස 12 වැනි දිනදා උදෑසන 5.30 ට කැලණි රජ මහා විහාරයෙන් පිටත් වනවා
කඩුවෙල, පාදුක්ක, ඉංගිරිය රත්නපුර හරහා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරය වෙත එදින රාත්‍රියට එම පෙරහැර වැඩම කිරීමට නියමිත අතර දෙසැම්බර් 13 වන දින එම විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැරද සමගින් එකම පෙරහරක් ලෙස ගමන් ආරම්භ කර ගෞතම ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරනු ලබනවා.
පසුව 14 වන දින ගෞතම ශ්‍රී පාද පද්ම කුටියේ එම සධාතුක ධාතු කරඬු වහන්සේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.
"කැලණි ශ්‍රී පාද පෙරහර එකමුතුව" සංවිධානය විසින් මෙම උතුම් කේශ ධාතූන් වහන්සේලා හා සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් සධාතුක කරඬුවහන්සේ වැඩම කිරීමේ පෙරහැර සංවිධානය කරනු ලබන අතර මග දෙපස සිටින බැතිමතුන්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ මුදල් පරිත්‍යාග වලින් වැළකී මල් පමණක් සධාතුක කරඬු වහන්සේ වෙත පූජා කරන ලෙසයි