පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 07 වන දින හමාස් සංවිධානය විසින් පැහැර ගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙකුගේ වීඩියෝවක් එම සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
ඊඩාන් ඇලෙක්සැන්ඩර් නමැති 20 හැවිරිදි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවෙකුගේ වීඩියෝවක් එලෙස නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම වීඩියෝවෙන් ඔහු සඳහන් කර ඇත්තේ තමා දින 420 කට වඩා වැඩි කාලයක් හමාස් වහල්භාවයේ සිටින බවයි.
හමාස් සංවිධානය සමග එකඟතාවයකට පැමිණ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සදහා ඊශ්‍රායල රජයට බලපෑම් කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම වීඩියෝවේදී ඔහු චෝදනා එල්ල කරමින් සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල රජය ප්‍රාණ ඇපකරුවන්ව නොසලකා හැර ඇති බවයි.
මේ පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ඊශ්‍රායලය වෙහෙස නොබලා කටයුතු කරන බවයි.