Thursday, December 26, 2024

General line - 0115112241

ලොහාන්ගේ පෙත්සමක් ඉල්ලා අස් කරගනී

උදය කුමාර




ඉකුත්දා මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. 

ඒ, මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. එහිදී ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට මේ වන විට ඇප ලැබී ඇති බවයි.

ඒ අනුව මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.