බංගලාදේශයේ හින්දු භක්තිකයන්ට සහ ඔවුන්ගේ කෝවිල්වලට එල්ල වූ ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ඉන්දියාවේ විරෝධතාවක් පැවැත්වුණා.
විවිධ ආගම්වලට අයත් විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වී සිටි අතර විරෝධතාව පැවැත්වුණේ ජම්මු සහ කාශ්මීරයේ සම්බා දිස්ත්‍රික්කයේයි.
එහි එක්වූ පිරිස් බංගලාදේශයේ හින්දු භක්තිකයන්ට සහ ඔවුන්ගේ කෝවිල්වලට එල්ල වූ ප්‍රහාරවලට විරෝධය පළ කරමින් රැලියක් පවත්වමින් සිය විරෝධය පළ කළා.
එවැනි ක්‍රියා වැළැක්වීමට මැදිහත්වන ලෙසයි ඔවුන් ජාත්‍යන්තරයෙන් ද ඉල්ලා සිටියේ.
ත්‍රිවර්ණ, ආගමික ධජ සහ පුවරු රැගෙන හින්දු, සීක් සහ ජෛන ප්රජාවන්ගේ සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුර්ජීත් සිං සලාතියා ප්‍රධානව රැලියට සහභාගී වුණා.
බංග්ලාදේශයේ සුළුතරයක් වන හින්දු භක්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඔවුහු අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය රජයෙන් ද ඉල්ලා තිබෙනවා.