Thursday, December 26, 2024

General line - 0115112241

චීනයට එරෙහිව ඔස්ට්‍රේලියාව සන්නද්ධ වෙයි




ඕස්ට්‍රේලියාව තවත් පැසිෆික් රාජ්‍යයක් වන නාවුරු රාජ්‍යය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවට ආරක්ෂාව සහ යටිතල පහසුකම් පවත්වාගෙන යා හැකි පරිදි හවුල්කරුවන් සම්බන්ධයෙන් නිෂේධ බලය ලබාදෙමින්.

ඔස්ට්‍රේලියාවේ මෙම ක්‍රියාකලාපය සිය මූලෝපායික පැවැත්ම පුළුල් කිරීමට චීනය දරන උත්සාහයට තවත් පහරක් එල්ල කිරීමක් බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් කැන්බරාහිදී නාවුරු ජනාධිපති ඩේවිඩ් ඇඩියන්ග් සමඟ නව ගිවිසුම ප්‍රකාශයට පත් කළ අතර, ජාතීන් දෙක අතර සබඳතා නව තලයකට ගෙන යන බව ද ප්‍රකාශ කළා.

එය වසරකට වැඩි කාලයක් තුළ ඔස්ට්‍රේලියාව පැසිෆික් කලාපයක් සමඟ ඇති කර ගත් දෙවන ගිවිසුමයි.

"නාඌරූ හි ආරක්ෂක, බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත්‍රවල වෙනත් රටවල් විසින් කරන ඕනෑම කටයුත්තකට නාවුරු සහ ඕස්ට්‍රේලියාව එක්ව එකඟ වන බව ගිවිසුම මගින් පවසයි" යනුවෙන් ඇල්බනීස් වාර්තාකරුවන්ට ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවා.

 "මෙම ගිවිසුම අපගේ කලාපය ශක්තිමත් කරන අතර එය ආරක්ෂිත වනු ඇත." යනුවෙන් ද ඔහු පවසා තිබෙනවා.