ධීවරයින්ට භූමිතෙල් සහනාධාර ලෙස මාසිකව රුපියල් 9,375 ක මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ධීවරයන්ට ඩීසල් ලීටරයකට රුපියල් 25 බැගින් ඩීසල් සහනාධාරය ඉදිරි කාලය සඳහා ද ලබාදෙන බවයි.