ආනයනය කිරීමට අවසර ලබාදෙන වාහන සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසනවා.
කෙසේවෙතත් වාහන ආනයන සඳහා අවසර ලබා දෙන්නේ සීමාවන්ට යටත්ව බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ එළඹෙන පෙබරවාරි මාසයේ සිට නැවතත් වාහන ආනයනය ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි.
නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඉදිරියේදි ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පැවසුවා.
ඒ අනුව වාහන ආනයනයට යළි අවසර හිමි වීමේදී පළමු අදියර යටතේ බස් සහ ලොරි රථ ගෙන්වීමට අවසර හිමිවනු ඇති බවයි ඔහු විශ්වාසය පළ කළේ.
දෙවන සහ තුන්වන අදියර යටතේ මෝටර් රථ ගෙන්වීම ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසය අතර කාලසීමාවේදී ආරම්භ වනු ඇති බවටද ප්‍රකාශ වී තිබෙනවා.