ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්රිකට් තහනම මාස 3 දක්වා අඩු කර ඇතැයි වාර්තාවනවා.
නිමා වූ ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ.
ඒ බව අනාවරණය වුණේ ශ්රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදීයි.
ඒ අනුව නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්රිකට් තරග තහනම් කිරීමට බලධාරීන් පියවර ගත්තා.
පසුව එම තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඒ අනුවයි දික්වැල්ලට මෙම සහනය ලැබී ඇත්තේ.
ඒ අනුව අද සිට ඔහුට සියලුම ආකාරයේ ක්රිකට් ක්රීඩා කිරීමට යළි අවස්ථාව හිමි වනු ඇති.