Friday, March 29, 2024

General line - 0115112241

මෙහෙම ලෝක කුසලානයක් දිනන්න බෑ




දඟ පන්දු යවන්නන්ගෙන් පමණක් 2019 ලෝක කුසලානය ජයග්‍රහණය කළහැකි දැයි හිටපු නායක අර්ජුන රණතුංග විමසා සිටිනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ කොළඹ පැවති උත්සවයකදීයි.

2019 ලෝක කුසලානය පැවැත්වෙන්නේ වේගපන්දු යවන්නට උචිත එංගලන්තයේ තණතිලි වල බවත් එහිදී දැන් මෙන් දඟපන්දු යවන්නන්ගෙන් පමණක් තරඟ ජය ගන්නේ කෙසේ දැයි ඔහු විමසා සිටිනවා.

ශ්‍රී ලංකාව හොඳ වේග පන්දු යවන්නන් හා තුන් ඉරියව් ක්‍රිඩකයන් පිරිසක් නිර්මාණය කර ගත යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් පවසනවා

ශ්‍රි ලංකාව ඔස්ට්‍රේලියානු කණ්ඩාම පරාජය කිරීම තමා හෑල්ලු නොකරන නමුත් ඔවුන් ආසියානුකරයේ තණතිලි වලින් පිටතට ගොස් තම දක්ෂතාවන් පෙන්විය යුතුව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.