පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය වෙත ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යවා තිබෙනවා.
මේ හේතුවෙන් ඊයේ දිනයේ එම පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථානය වසා දැමීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.
පන්පිටිය ධර්මපාල විද්‍යාලයේ පාසල් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර මධ්‍යස්ථානය එම පාසලේ එක් කොටසක පවත්වාගෙන යනු ලබනවා.
එවන් පසුබිමක් තුළ ගුරුවරියන් පිරිසක් සාරි වෙනුවට ගවුම්වලින් සැරසී පාසලට පැමිණ තිබෙනවා.
එහිදී පාසලේ ආරක්ෂක නිලධාරින් එම විදුහලේ විදුහල්පතිනිය ලබාදුන් උපදෙස් මත ගුරුවරියන්ට පවසා ඇත්තේ පාසලට පැමිණිය යුත්තේ සාරි ඇද බවයි.
එම ඇගයීම් මධ්‍යස්ථානයේ පාලනය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බවත් ඒ පිළිබඳව විදුහල්පතිනියට වගකීමක් නොමැති බවත් ගුරුවරියන් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ඉන් අනතුරුව දෙපිරිස අතර බහින්බස්වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වුණේ.
එවන් පසුබිමක් තුළ එම මධ්‍යස්ථානය තාවකාලිකව වසාදමන ලෙසට විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.