සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වන අදයි.
වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 136ක් රැස් කරගෙන සිටියා.
තරඟය නතර කරන විට දිනේෂ් චන්දිමාල් ලකුණු 63ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් රැස් කර ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.
ඒ අනුව කඩුළු 05ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 518ක් පිටුපසින් සිටිනවා.
තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.