Saturday, February 1, 2025

General line - 0115112241

මැදිරිගිරියේ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට




මැදිරිගිරිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. 

ඒ, කාන්තා පොලිස් නිලධාරිනියකට අතවර කිරීමේ චෝදනා මතයි. 

ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුර විමර්ශන සඳහා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. 

ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.