කන්කසන්තුර, පරන්තන් සහ මාන්කුලම් ප්‍රදේශ කර්මාන්ත කලාප තුනක් ස්ථාපිත කිරීමට අවධානය යොමු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ සඳහා ආයෝජනය කිරීමට මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බවයි යාපනය ප්‍රදේශයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු සංවර්ධන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.
මේ අතර, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පැවති ජන හමුවකටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් වුණා. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ
ශ්‍රී ලංකාවේ සියලුම ජන වර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් නම් කරන බවයි.