Saturday, February 1, 2025

General line - 0115112241

වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන සොයා වැටලීම් 2,000ක්




වැඩි මිලට සහල් අලෙවි කළ සහ සඟවා තිබූ සහල් සොයා පසුගිය මාසයේ වැටලීම් 2,000ක් පමණ සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

ඉදිරියටත් එවැනි ස්ථාන සොයා වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ. 


නිසි ප්‍රමිතියෙන් යුතු සහල් පාලන මිලට පාරිභෝගිකයන්ට අලෙවි කරන්නැයිද ඔහු වෙළඳුන්ගෙන් ඉල්ලීමක් කළා. 


මේ අතර සුදු කැකුළු සහල්, නාඩු සහල් තොග පාලන මිලට යටත්ව වෙළඳසැල් සඳහා නිකුත් කිරීම ආරම්භ කළ බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා පැවසුවේ ලබන සතිය වන විට සම්බා සහ කීරි සම්බා සහල්ද නිකුත් කරන බවයි.