Wednesday, February 5, 2025

General line - 0115112241

ඉන්දිය අයවැයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක්




මෙවර ඉන්දියානු රජයේ අයවැය මගින්  ශ්‍රී ලංකාව සදහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර තිබෙනවා 

ඒ ඉන්දීය මධ්‍යම රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ඊයේ ඉදිරිපත් කළ අයවැය කතාවේදී 

ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාව මෙවර අය වැය ඉදිරිපත් කර ඇත්තේ, මධ්‍යම පාන්තිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම අරමුණු කරගනිමින්.

එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර තිබෙනවා 

එයින් ශ්‍රී ලංකාව සදහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් එනම්  ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වන්නේ 

ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.

ප්‍රධාන වශයෙන් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ, අසල්වැසි රටවල ජල විදුලි බලාගාර, නිවාස පහසුකම්, මාර්ග සහ පාලම් ඇතුළු ව්‍යාපෘති සඳහායි.

ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ  ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලක් වන අතර එය භූතානය වෙනුවෙන් වෙන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මෙවර ඉන්දීය අය වැය යෝජනාවලියේ ප්‍රබලතම යෝජනාව වන්නේ, සියලු කාණ්ඩ සඳහා වන ආදායම් බදු කප්පාදුවයි.

දිළිඳු ජනතාව, තරුණයින්, ගොවීන් සහ කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ යෝජනා ද, ඊට ඇතුළත් වනවා 

පෞද්ගලික අංශය සමඟ එක්ව නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ද, මෙවර වැඩි මුදලක් වෙන් කර තිබෙනවා