Friday, March 29, 2024

General line - 0115112241

ඩිල්ෂාන්ගේ අවසන් එක්දින ඉනිම නිමාවෙයි




තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් එක්දින ඉනිම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 42 කට අවසන් වුණා.

ඔහුගේ කඩුල්ල දවා ගත්තේ ඇඩම් සම්පා විසින්. ඩිල්ෂාන් සිය ඉනිම නිමකර කී‍්‍රඩාගාරයට යන අවස්ථාවේ තරගයට නැරඹීමට දඹුල්ල කී‍්‍රඩාංගණයට පැමිණ සිටි පේ‍්‍රක්‍ෂකයින්ට සිය ආචාරය පුද කිරීමද දක්නට ලැබුණා. ඒ අවස්ථාවේ කී‍්‍රඩා ලෝලීන්ගෙන්ද ඔහුට හිමිවුයේ උණුසුම් සමුගැනීමක්.

මේ අතර ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේ දැන් පැවැත්වෙන තරගය නැරඹීම සදහා කි‍්‍රඩාලෝලීන් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කී‍්‍රඩාංගණ දොරටුව අසල දැඩි පෝලිම් දක්නට ලැබුණු බවයි.

කී‍්‍රඩාංගණය ඉදිරිපිටින් දිවෙන කුරුණෑගල – දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේද දැඩි රථ වාහන තදබදයක් පැවතුනා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකාව පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 100ක් රැස්කර ගෙන සිටියා.

251071.3