Friday, September 20, 2024

General line - 0115112241

අනතුරේ CCTV දර්ශන දුන්නැයි හෙලුව පෙන්නා මරණ තර්ජන කළ හැටි (VIDEO)



පසුගිය දිනෙක පාදුක්ක මලගල මාර්ගයේ කැබ් රථයක ගැටුණු යතුරුපැදි කරුවෙක් ලයිට් කණුවක වැදී මිය ගිය පුවතක් වාර්තා වුණා.

සාදයක් පැවති නිවසක සිට මාර්ග නීති උල්ලංගනය කරමින් මාර්ගය වෙත දමපු කැබ් රථයක ගැටී 19 හැවිරිදී තරුණයකු මියගියා.

අනතුරුව මෙම රථය පැදවූ 17 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මේ සිදුවීම් සියල්ල සාදය පැවති නිවසට යාබද නිවසක තිබූ සිසිටීවී කැමරාවක් සටහන් වී තිබුණා.

පසුව මෙම දර්ශන ඔවුන් පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

ඉන්පසුව දිගින් දිගටම මෙම නිවසේ පුද්ගලයින්ට සාදය පැවති නිවසේ සිටි අයගෙන් තර්ජන ගර්ජන එල්ලවන බවයි වාර්තාවන්නේ.

පසුගිය ඉරිසා රාත්‍රියේ සිසිටීවී තිබු ස්ථානය පැමිණි මෙම පුද්ගලයින් පරුෂ වචනයෙන් බැණ වදිමින් නිරුවත් පෙන්වමින් හැසිරුණ බවයි එම නිවෙස් හිමියන් ප්‍රකාශ කරන්නේ..

ඔවුන් නිරුවත් පෙන්වන මොහොතේ වීඩියෝව පහතින්..