Friday, September 20, 2024

General line - 0115112241

අගමැති හමුවූ ‘මූන්’ උතුරට යන්න සැරසෙයි (VIDEO)




දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් ඊයේ (31) රාත‍්‍රියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, අරලියගහ මන්දිරයේදීයි.

අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ දෙපාර්ශ්වය විසින් සාක්ෂාත් කරගත යුතු අරමුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි.

වත්මන් රජය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන වැඩපිළිවෙලට ධෛර්යක් හා ශක්තියක් ලබාදෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් උතුරු පළාතේ සංචාරයකට එක්වීමට නියමිතයි. නැවත පදිංචි කිරීම් සහ උතුරේ වැසියන්ගේ ජන ජීවිතය සම්බන්ධයෙන් මහලේකම්වරයා සිය අවධානය යොමු කරනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ප‍්‍රකාශ කළා.

මේ අතර ගාල්ලේ පැවැත්වෙන විශේෂ උත්සව මාලාවකට ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහභාගි වීමට නියමිතයි. එමෙන්ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමග ද ඔහු සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.