Friday, September 20, 2024

General line - 0115112241

TNA ලිපියක් දෙන්න සැරසෙයි – ‘සිංහල සංගේදම’ දෙන්න ගිය සංදේශයට බාධා




දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් අද (01) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි.

ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

මේ අතර යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ සොයාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ලිපියක් භාරදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිවශක්ති ආනන්දන් පැවසුවේ යුද සමයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ ලිපිය මගින් ඉල්ලා සිටින බවයි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා වවුනියාවේදී පැවැත්වුණා. එහිදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා හමු වී සංදේශයක් භාර දීමට ජාතික සංවිධාන එකමුතුව අද පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය වෙත පැමිණියා.

තම සාමාජික රටවල් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කි‍්‍රයාකරන ආකාරය පිළිබඳ විරෝධය පළ කරමින් මෙම සංදේශය භාරදෙන බවයි සිංහල සංගේදම සංවිධානයේ බුද්ධි මණ්ඩල සභික ආචාර්ය චමිල ලියනගේ සඳහන් කළේ. එහෙත් තම නියෝජිතයින්ට එම කාර්යාල පරිශ්‍රයට පැමිණිය නොහැකි ලෙස මාර්ග බාධක යොදවමින් අධිකරණ නියෝග පවා ගනිමින් දැඩි බාධාකාරී තත්ත්වයක් ඇති කර තිබූ බවයි හෙතෙම වැඩි දුරටත් පැවසුවේ.