Friday, September 20, 2024

General line - 0115112241

අන්තරේ සිසුන් අතුරුදහන්




කොල්ලුපිටිය ප‍්‍රදේශයේදී පොලිසියට පහරදුන් බව කියන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ එලෙස පොලිසියට පහරදුන් සිසුන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් සැඟව ඇති බවට තොරතුරු වාර්තා වන බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනක් ඊයේ (31) පැවැත්වුණා. එම විරෝධතා පා ගමන වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් ලබාදුන්න ද එය භාරගැනීම විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා.

එලෙස පැමිණි විරෝධතා පා ගමන වළක්වාලීමට පොලිසිය කොල්ලුපිටිය මංසන්ධියේදී මාර්ග බාධක යොදවා තිබුණා. ඒවා පෙරළා දමමින් ගමන් කිරීමට විශ්වවිද්‍යාල සිසුන් උත්සහ කිරීමත් සමගම පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් ද එල්ල කළා.

එම අවස්ථාවේදී  සිසුන් ද පොලිසියට පහර දී තිබෙනවා. ගැටුමේදී තුවාල ලැබූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 4 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ප‍්‍රතිකාර ලබන එක් සිසුවෙකුට ඊයේ රාත‍්‍රියේ සැත්කමක් ද සිදුකෙරුණු බවයි ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් පැවසුවේ.

14100359_492548764280850_425634191429877424_n 14102222_492548300947563_4707573102919357390_n 14102500_492548427614217_8272408820122760355_n 14141631_492548287614231_3703285326169964202_n 14199431_492548497614210_7666563468336475018_n 14202514_492548264280900_2041139823916768437_n 14202555_492548254280901_7198596646616119527_n 14212694_492548687614191_4218829686469564254_n 14222145_492548317614228_7734962699583633575_n 14225506_492548230947570_514279791097801186_n