Wednesday, February 5, 2025

General line - 0115112241

හාල් වැඩකට පී.බී ත් FCIDයට




මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබෙනවා.

ඒ, මෙරටට සහල් ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ලබාගැනීමටයි.

අදාළ සහල් තොගය ආනයනය කර තිබුණේ පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යංශ ලේකම්වරයාව සිටියදීයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මීට පෙර ප‍්‍රකාශ ලබාගත්තා.