Friday, September 20, 2024

General line - 0115112241

වයස 22 යි 23 යි – කෝටිපතියාගේ ඝාතන සැකකරුවන් ඇල්ලුවේ මෙහෙමයි (UPDATE)




කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් ඝාතනය කිරීම සැළසුම් සහගත ලෙස සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

ඝාතකයන් සම්බන්ධයෙන් C.C.TV දර්ශන ඔස්සේ සිදුකළ පරික්ෂණවලදී අනාවරණ වූ තොරතුරු මත සැකකරුවන් දෙදෙනෙකුද අද දහවල් අත්අඩංගුවට ගැණුනා. මෙම සැකකරුවන් 22 සහ 23 වැනි වයස්වල පසුවන්නන් බවත් අනාවරණය වී තිබෙනවා.

කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් බම්බලපිටිය – කොතලාවල – ඇවනිව් හි පිහිටි සිය නිවස අසල දී පැහැර ගැනීමට ලක්වුණේ පසුගිය 21 වැනිදා රාත්‍රියේයි.

ඔහුගේ මළ සිරුර මාවැනැල්ල – හෙම්මාතගම – රුකුලගම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්න ලදු කැළෑවක තිබී පසුගිය 24 වැනිදා සොයාගැනුනා.


බම්බලපිටිය කෝටිපතියාගේ ඝාතනයට පොලිසියට හසුවූ දෙදෙනා

(Sep 1, 2016 @ 13:20)

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලීමේ සිද්ධියට සැක කෙරෙන්නේ මෙම පුද්ගලයින් දෙදෙනායි. අද (01) දහවල් ඔවුන් අත්අඩංගුවට ගැණුනා. මොවුන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් සහ සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.