Friday, September 20, 2024

General line - 0115112241

‘නොකියා චූටි ෆොන් එකට‘ ආදරය කළ ඉන්දියාවේ වේග තරුව!



අශිෂ් නෙහෙරා කියන්නේ ඉන්දියනු කණ්ඩායමේ වමත් පන්දු යවන්නෙක් බව හැමෝම දන්න කාරණාවක්.

හැබැයි අශිෂ් මෙතෙක් කාලයක් නව තාක්ෂණය එක්ක මුහු වෙච්ච කෙනෙක් නෙමෙයි..

මීට මාස දෙක තුනකට කලින් අශිෂ් මෙහෙම කිව්වා..

‘‘මම තවම පාවිච්චි කරන්නේ පරණ නොකියා ෆොන් එකක්,මට ෆේස්බුක්, ටිව්ටිර්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම් නැහැ සමහර විට මම තාම පරණ විදියට හිතනවා ඇති‘‘

ලක්ෂ ගාණක වැටුපක් ලබන ජනප්‍රිය ක්‍රීඩකයෙක් වෙන අශිෂ්ට ස්මාර්ට් ෆොන් එකක් නැති කතාව බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වුණා.

කොහොම කොහොම හරි අශිෂ්ට දැන් නම් ස්මාර්ට් ෆොන් එකක් තියනවා කියලයි අශිෂ්ගේ ළඟම යාලුවෙක් වෙන හිටපු ඉන්දීය ක්‍රීඩක විරෙන්ඩර් ෂේවාග් කියන්නේ.

මේ බව ෂෙවාග් කියලා තිබුණේ සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වමින්.

තමාට තවම ස්මාර්ට් ෆොන් හුරු නැති බවත් ස්මාර්ට් ෆොන් වලින් කරන්න පුලුවන් දේවල් ගැන මේ දවස් වල ඉගන ගනිමින් ඉන්නවා කියලා අශිෂ් ප්‍රකාශ කළා කියලත් ඇතැම් වෙබ් අඩවි වාර්තා කරනවා.

3453565