Friday, September 20, 2024

General line - 0115112241

ජනපති කෙනෙක් ලංකාවට හොරෙන්ම ඇවිත් ගිහිං



එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට ඊයේ (01) පැමිණියේය. ඒ බව මුළු රටම දන්නේය.

සාමාන්‍යයෙන් එවන් රාජ්‍යතාන්ත්‍රිකයෙකු යන එන විට එය සිදුවන්නේ හොර රහසේ නොවේ. නමුත් දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සුමා මහතා අද (02) අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණියේ කිසිවෙකුට පවසා නොවේ. ඒ චීනය බලා යන සුමා ගමන්ගත් දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයට ඉන්ධන ලබාගැනීම සඳහාය.