Sunday, January 26, 2025

General line - 0115112241

සූමා හොරෙන්ම ඇවිත් ගිහින්




දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජාකොබ් සූමා අද අලූයම හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණියා.

ඒ, ඔහු ඇතුළු පිරිස චීනය බලා යන අතුරතුරයි. ඉන්ධන ලබාගැනීමේ අරමුණින් දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මෙලෙස කටුනායකට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ගුවන් තොටුපොලේ ඇති විශේෂ අමුත්තන්ගේ මැදිරියට ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස කැදවාගෙන යනු ලැබුවා.

ගුවන් යානයට ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් යළි චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.