Friday, September 20, 2024

General line - 0115112241

වෙබ් හැකරුන් දෙදෙනාට ඇප




ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා අද ඇප මත මුදා හැරුණා. ඒ, රුපියල් ලක්‍ෂ 10 ක ශරීර ඇප දෙකක් මතයි.

මීට අමතරව එම සිද්ධියට ආධාර අනුබල දුන් තරුණයාද ඇපමත මුදා හැරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළේ. ඒ රුපියල් විසිපන් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 10 ක ශරීර ඇප මතයි.

සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ අත්අඩංගුවට ගත් සිසුවාගේ දෙමව්පියන්ද අධිකරණයට පැමිණ සිටියා. එහිදී මහේස්ත‍්‍රාත්වරයා දෙමව්පියන්ට දැඩි අවවාද කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ දරුවාගේ දක්‍ෂතා හදුනාගෙන ඔහු පිළිබද අවදානයෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර ජනපති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී ඇත්තේ අයි පී ලිපින දෙකක් භාවිත කරමින් බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියාසිටියා. ඉන් එක් ලිපිනයක් බංග්ලාදේශයේ සිට ප‍්‍රවිශ්ඨ වූවක්. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.