Friday, September 20, 2024

General line - 0115112241

බණ්ඩාරනායක මහතා නිදහස් පක්ෂය හැදුවේ අද වැනි දිනෙක




ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය හා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ජනාධිපතිනිය බිහි කළ එකම පක්‍ෂය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට අදට වසර 65 ක් සම්පූර්ණ වනවා.

1951 වර්ෂයේ සැප්තැම්බර් මස 2 වනදා ආරම්භ වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරුන් සිව් දෙනෙකු හා අගමැතිවරයෙකු නායකත්වය දැරූ පක්‍ෂයක්.

එස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක, සිරිමාවෝ බණ්ඩාරණායක, චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග හා මහින්ද රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන් නායකත්වය දැරූ මෙම පක්‍ෂයේ වත්මන් නායකයා වන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතායි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සංවත්සරය සැප්තැම්බර් 4 වනදා සවස 2 ට කුරුණෑගල මාලිගාපිටිය කි‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.