Sunday, January 26, 2025

General line - 0115112241

බම්බලපිටිය ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැක තවත් 5 ක් කොටු!




බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙමින් ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා.

ඒ, මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනාගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදීයි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ග‍්‍රෑන්ඞ්පාස් සහ ආදුරුප්පුවීදිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අවුරුදු 22 සහ 23 යන වයස් සීමාවන්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.

ව්‍යාපාරිකයා පැහැර ගැනීමෙන් පසුව ඔහුගේ පියාගෙන් කප්පම් ඉල්ලා ඇත්තේ මෙම සැකකරුවන් බවයි දැනට කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ. සැකකරුවන් විසින් මෙම කප්පම් ඉල්ලීම සිදුකර තිබුණේ ඉතා සූක්‍ෂම අයුරින් බවද හෙළිකර ගෙන තිබෙනවා.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් ඉකුත් 21 වෙනිදා රාත‍්‍රියේ පැහැරගැනීමට ලක්වූයේ බම්බලපිටියේ ඔහුගේ නිවස අසලදීයි. පසුව ඔහුගේ මළ සිරුර මාවනැල්ල ප‍්‍රදේශයේ තිබී ඉකුත් 24 වෙනිදා සොයා ගැනුණා.