Friday, March 29, 2024

General line - 0115112241

අ‍මෙරිකාව අඳුරු කළ 9/11 ප්‍රහාරයේ 15 වැනි සැමරුම අද (VIDEO)




පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මගින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ වොෂිංටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ලට ඇතුලු තවත් ස්ථානයකට එල්ල කළ ප්‍රහාරයේ 15 වන සැමරුම අදට (11) යෙදී තිබෙනවා.

ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 3000 කට ආසන්නයි. තවත් හයදහසකට අධික පිරිසක් මෙහිදී තුවාල ලැබුවා. සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 15 වන අනුස්මරණය නිමිත්තෙන් ප්‍රකාශයක් නිකුත් කළ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා කියා සිටියේ ප්‍රහාරයෙන් අමෙරිකානුවන්ගේ අගයන් හෝ දිරිය බිඳළීමට නොහැකිවූ බවයි.

ගුවන් යානා හතරෙන් දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ද්විත්ව කුලුනු හෙවත් උතුරු සහ දකුණු මැඳුරු දෙකෙහි ගැටීමට සළස්වා තිබුණා. තෙවැන්න ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගනයට කඩා වැටෙන්න සැළස්සුවා. සිවුවැනි ගුවන් යානය පෙන්සිල්වේනියාවේ ෂැන්ක්විල් නමැති පිටිසර බඳ පළාතට කඩා වැටුණා.

අල්කයිඩා ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් 19 දෙනෙකු විසින් 2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එල්ල කළ මෙම ප්‍රහාරයෙන් නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිමට සමතලා වුණා.

අමෙරිකාව, 9/11 යනුවෙන් ප‍්‍රකට එම ප‍්‍රහාරය සෑම වසරක් පාසාම සමරනු ලබනවා.

 

september_11_photo_montage7834140-3x2-700x467