Friday, September 20, 2024

General line - 0115112241

අංශභාගය හැදිලත් අවුරුදු 18ක් ඉස්කෝලේ එන ගුරුතුමා



අංශභාගය වැළඳුණු කෙනෙකුට බොහෝ විට සදාකාලිකවම නවතින් වෙන්නෙ ඇඳක් උඩ. එහෙමත් නැත්නම් රෝද පුටුවක් මත. අංශභාගය වැළඳුනු කෙනෙකුට ඒ රෝගය සුවකරගෙන නැවත ප්‍ර‍කෘති තත්වයට එන්න ලැබෙන්නෙ ඉතාමත් කලාතුරකින් නිසයි එහෙම කිව්වෙ.

හැබැයි අංශභාග රෝගයට ගොදුරු වෙලා, සම්පූර්ණයෙන්ම සුව වෙන්න බැරිව ආබාධිත තත්වයේ ඉන්න මේ ගුරුවරයා අවුරුදු 18ක් තිස්සේ දුරු දැරියන්ට සිප් සතර කියාදෙනව. ඔහු නමින් එම්.පී පාල්. බටහිර බෙන්ගාලයේ ප්‍රාථමික විද්‍යාලයක තමයි ඔහු සේවය කරන්නෙ. හැබැයි ඔහුට රජයෙන් ගුරුපත්වීමක් ලැබිලත් නැහැ කියලයි වාර්තා වන්නේ. ළමයින්ට උගන්වනව විතරක් නෙවෙයි ඔහු කාබනික එළවළු වගාවකුත් පාසල් බිමේම කරගෙන යනව.