Saturday, April 20, 2024

General line - 0115112241

2017 අයවැයට යෝජනා ගැනීම පළමුවැනිදා අවසන්




2017 ජාතික අයවැය ලේඛනයට යෝජනා ඇතුළත් කිරීම සඳහා මහජනතාවගෙන්, සිවිල් සංවිධාන, වාණිජ ආයතනවලින් සහ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් යෝජනා කැඳවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ලබන ඔක්තෝබර් 01 වැනි දින දක්වා යෝජනා භාර ගැනීම සිදු කරනු ඇති.

ඒ සඳහා වන යෝජනා වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, කොළඹ 01 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ හැකියි.

2017 වසර සඳහා වන අයවැය යෝජනාවලිය නොවැම්බර් මස දෙවැනි සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.