Wednesday, February 5, 2025

General line - 0115112241

රෝහලේ ඉහළ මහලකින් වැටී රෝගියෙකු මරුට




හම්බන්තොට මහරෝහලේ ගොඩනැගිල්ලක 3 වන මහලෙන් ඇද වැටී රෝගියෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80 ක් පමණ වන පුද්ගලයෙක්. ඔහු බිමට වැටී ඇත්ද? නැතහොත් පැන ඇත්දැයි තවමත් තහවුරු වී නැහැ.

මානසික ව්‍යාධියක් සඳහා ප‍්‍රතිකාර ගැනීමට මෙම පුද්ගලයා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර සිටියා. පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (13) සිදුකිරීමට නියමිතයි.